පන්දු යවන්නන් කීපදෙනෙක්ගෙම ක්රිකට් ජීවිතය අවසන්
⚰️ Destroyer of Bowlers
" Sanath Jayasuriya " කියන නම ඇහුනත් ලෝකයේ ඕනම පන්දු යවන්නෙක් බිය උනා..! පන්දු යවන්නන් කීපදෙනෙක්ගෙම ක්රිකට් ජීවිතය අවසන් කරන්න මේ සුවිශේෂී වමත් කසකරුවා සමත් උනා..!
ඒ අතරින් සුප්රසිද්ධ පුද්ගලයෙක් තමයි ඉන්දියාවේ Manoj Prabhakar..!
1996 Cricket World Cup තරගාවලියේදී Group Stage එකේ දී India vs Sri Lanka තරගයේ දී ප්රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියානු කණ්ඩායම කඩුළු 3ක් පමණක් දැවී 271 ක් ලබා ගත්තා. මෙහිදී Sachin Tendulkar ලකුණු 137ක් ලබා ගෙන සුවිශේෂී ඉනිමක් ක්රීඩා කරනවා. ! ඉන්දියානුවන්ට නිසැක ජයක් පේන මානයේ තිබුනා.
කෙසේ වෙතත් බොහෝ දෙනාගේ අවධානය යොමු වෙලා තිබුනේ මෙවැනි දැවැන්ත අභියෝගයක් හමුවේ පෙරළිකාර සනත් සහ කලූ කුමක් කරයිද කියලයි..!
බලාපොරොත්තු වූ පරිදිම මේ දෙදෙනාගෙන් වේගවත් ආර්ම්භය ලැබුනා. විශේෂයෙන්ම Sanath ගෙන්.
මේ ඉනිමේදී Manoj Prabhakar තමන්ගේ පළමු Spell එක තුළ පන්දු වාර 2කට ලකුණු 33ක් ලබා දුන්නා. Jayasuriya ගේ ප්රභල ප්රාහරය හමුවේ ඔවුට මේ පසුබෑම සිදු උනා.
ඉන් අනතුරුව වේග පන්දු යවන්නෙකු වන Prabhakar තමන්ගේ දෙවන Spell එක ක්රියාත්මක කරන්නේ Off Spinner කෙනෙක් ලෙසයි. කෙසේ හෝ ඔහු තරගය තුළ පන්දුවාර 4ක් යවා ලකුණු 47ක් ලබා දෙනවා.
මෙලෙස වේග පන්දු යවන්නෙක් දග පන්දු යවන්නෙක් කොට අවාසනයේ ඔහුගේ ක්රිකට් ජීවිතයද අවසන් වීමට ද මුල පිරීමට මේ තරගය සමත් වෙනවා. ඉතින් Manoj Prabhakar ට නම් Sanath Jayasuriya කියන නම කිසි දා අමතක නොවන නමකි.!
මෙලෙසම 1996 World Cup එකේ Quarter Final වල දී Phil Defreitas දග පන්දු යවන්නෙකු කරන්න Sanath සමත් වෙනවා..!
Comments
Post a Comment